අපි ආවේ මාධ්‍ය නැතුව,මාධ්‍ය මත දේශපාලනය තීන්දු කරන යුගය අවසන් – ජනපති

‘මාධ්‍ය’ මත දේශපාලනය තීන්දු කරන යුගය අපි සහමුලින්ම අවසන් කළ බවත් මින් ඉදිරියට ‘මාධ්‍ය ජිමික්’ දමා සිය ගමන වළකාලිය නොහැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මාධ්‍ය හරහා කෙනෙකුට ස්වයං සතුටක් ලබාගත හැකි බවත් නයි පෙන්නා බලය ගත් යුගය දැන් අවසන් බවත් ඔහු කීය.

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අයින් කර ජනාධිපති වරප්‍රසාද පනත් සංශෝධනය කරන බවද ජනාධිපතිවරයා කීවේය. තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් අදහස් දක්වමිණි.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරිම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා කීවේය.

මම ජනාධිපති වුණාම ජනාධිපති වැටුපට අමතරව මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බවෙනවා. මම අද (21දා) ලියුමක් දුන්නා මන්ත්‍රී විශ්‍රාම වැටුප මට එපා කියලා. මම දැනන් හිටියේ නෑ මෙහෙම හම්බවෙනවා කියලා. පසුව තමයි දැන ගත්තේ. ඒ වගේම මන්ත්‍රීවරයා ඇමැති වෙනකොට මන්ත්‍රී වැටුපත් හම්බවෙනවා. ඇමැති වැටුපත් හම්බවෙනවා. අපි තීරණයක් ගත්තා ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි කියලා. හැබැයි මන්ත්‍රී වැටුපට ඇමැතිවරුන්ට තෙල් දීමනාවක් දෙනවා. අපි දෙන්නේ මන්ත්‍රී වැටුපෙන් තෙල් දීමනාව අයින් කරලා. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අයින් කරනවා. ජනාධිපති වරප්‍රසාද පනතත් සංශෝධනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *