ලක්විජය ගල්අඟුරු ගනුදෙනුව ගැන අපරාධ පරීක්ෂණයක් ඉල්ලා වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානයෙන් පැමිණිල්ලක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා නියමිත ප්‍රමිතියට වඩා අඩු ප්‍රමාණයේ (Undersized) ගල්අඟුරු මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටියි.

ඊයේ (අප්‍රේල් 08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම සන්ධානයේ සභාපති වෛද්‍ය සංජීව මහතා සඳහන් කළේ, මෙය හදිසියේ සිදු වූවක් නොව මැනවින් සැලසුම් කළ “කුමන්ත්‍රණයක” ප්‍රතිඵලයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *