බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියම භාරගත යුතුයි – සී.අයි.ඩීයට කැදවූ අවස්ථාවේ රනිල් කියයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව එල්ල වී තිබෙන ඖෂධ වංචාවට අදාල චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි කැදවා තිබුණි. 

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සිද්ධ වී තිබෙන වංචාව සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මුළුමනින්ම වගකිව යුතු බවයි. 

ඉමියුනිග්ලෝබියුලීන් නමැති ඖෂධය මිලදී ගැනීමට අදාලව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම, ඔහු ඉදිරිපත් කර කරුණු මත පදනම්ව සිදු කළ බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ. කැබිනට් පත්‍රිකාවක් තුළ අඩංගු කරුණු සම්බන්ධයෙන් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අමාත්‍යවරයා වගකිව යුතු බව හිටපු අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කර තිබේ. 

එමෙන්ම අදාල ඖෂධය ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පමණක් මිලදී ගන්නා ලෙස කෙහෙළියට උපදෙස් දී තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබේ. 

එසේ උපදෙස් දී තිබිය දී ත් අදාල ඖෂධ ප්‍රසම්පාදනය සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ මුදල් ලබා ගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල කටයුත-ු කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *