රනිල් එක්ක සාකච්ඡාවක් – ආණ්ඩුවේ අනුකම්පා විරහිත මර්ධනයට මුහුණ දෙමු – ගම්මන්පිල කියයි

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන සාමාජිකයන් රැසක් අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට සහභාගී වී තිබේ. 

මෙම සාකච්ඡාව පැවැත් වී ඇත්තේ කොළඹ පෞද්ගලික හෝටලයකයි. 

මෙම සාකච්ඡාව සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, කාන්චන විජේසේකර, උදය ගම්මන්පිල, ප්‍රේමනාත් සී දොලවත්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දිගම්බරන් සහ මනෝ ගනේශන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණි. 

ආණ්ඩුව විපක්ෂයේ දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් සහ මහජනතාව වෙත මුදාහැර තිබෙන අනුකම්පා විරහිත මර්දනයට මුහුණ දීම සදහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීමට අද පැවති හමුවේ දී සාකච්ඡා වූ බව සාකච්ඡාව අවසන් වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා පැවසී ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *