මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – මහා නායක හිමිවරු ජනපතිට දන්වයි

සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකාය පාර්ශ්වයෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා විසින් සිදු කරන ශාසන විනාශය හා නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.ජනපතිවරයාට අමතරව බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික අමත්‍යවරයාටද නීතිපතිවරයාට හා බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිපියේ පිටපත් යොමුකර ඇත.

උන්වහන්සේලා පෙන්වා දෙන්නේ  මීවනපලානේ සිරිධම්මලංකාර නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවක දී ජනාධිපතිතුමන් ඇතුළු වගකිව යුතු අංශ දැනුවත් කර තිබිය දී තවදුරටත් බුදු දහම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බුද්ධ චරිතය විකෘති කරමින් ථෙරවාදී පාලි ත්‍රිපිටකය පිළිබඳ සාවද්‍ය හා අපහාසාත්මක මත වාදයන් ජනගත කරමින් කටයුතු කිරීමට  ඉඩ ප්‍රස්ථාව ලැබීම තිබීම විමතියට කරුණක් බවය.

භික්ෂුවකට හිමි සමාජ ගෞරවය හා ප්‍රත්‍ය පහසුකම් වංචනිකව පරිභෝග කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගිහි – පැවිදි පිරිස් නොමග යවමින් බෞද්ධ සමාජය තුළ ගැටුම් නිර්මාණය කරමින් ලාංකේය භූ දේශපාලන ව්‍යුහය පිළිබඳව ද සාවද්‍ය මතවාද ජනගත කරමින් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ මෙන්ම රාජ්‍ය අස්ථාවර කිරීමේ දීර්ඝකාලීන කුමන්ත්‍රණයක මෙම පුද්ගලයා නිරතව සිටින බව උන්වහන්සේලා ජනාධිපතිවරයාට දන්වති.

සාමනේර භූමියෙන් ද පළවා හැර ඇති  මොහු තවදුරටත් භික්ෂුවක් ලෙස පෙනී සිටීම හේතුවෙන් නීති විරෝධි ක්‍රියාවකට වරදකරු වන බව විහාර දේවාලගම් ආඥා පනතේ 42 වගන්තිය අනුව ද පැහැදිලි වන්නේ යැයි උන්වහන්සේලා අවධාරනය කරති.

image 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *