මෙට්‍රෝ බස් සේවාව 2026 ජුනි මාසයේ සිට ආරම්භ කරනවා – ප්‍රවාහන ඇමති

මෙට්‍රෝ බස් රථ සේවාව 2026 ජුනි මාසයේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය වන විට ඒ සඳහා රියදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බවයි අද (24) අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බස් රථ 70 කින් පමණ, කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *