මෙක්සිකෝවේ පිටසක්වල මළ සිරුරු බොරු ඒවා බව හෙළි වෙයි

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී පේරුහි ලීමා අගනුවර ගුවන්තොටුපළේ දී හමු වූ පිටසක්වල ජීවින්ගේ යැයි පැවසුණු සිරුරු යුගලය පිටසක්වල ජීවීන්ගේ නොවන බවට හෙළිව තිබේ.

විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ විශේෂඥයන් සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව මේ බව හෙළි වී ඇති බවයි.

එම මළ සිරුරු සත්ත්ව ඇටකටු භාවිතයෙන් නිම කළ බෝනික්කන් පමණක් වන බව පේරු හි නීති වෛද්‍ය හා අධිකරණ වෛද්‍ය විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥ ෆ්ලේවියෝ එස්ට්‍රාඩා පැවසීය.

පසුගිය කාලයේ පුළුල් මාධ්‍ය ආවරණයක් ජනනය කරමින්, දිගටි හිස් සහ ඇඟිලි තුනක් සහිත අත් සහිත කුඩා මමීකෘත සිරුරු දෙකක් මෙක්සිකානු කොන්ග්‍රස් රැස්වීමකදී ප්‍රදර්ශනය කරන ලදී.

1705141967 allien mummies 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *