ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකි වූ පවුල්වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුන තුලදී සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද (12) රැස්වූ පාර්ලිමේන්තුවේදී මූල්‍ය ණය ප්රශ්නය විවාදයට ගත් අවස්ථාවේදී යි.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටු වීම සදහා වන පනත් කෙටුම්පත පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ගැසට් කරනු ලැබුවා.
මුදල් අමාත්‍යාංශය එහිදී සඳහන් කළේ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සහ ඒවායේ ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ බවයි.
මේ සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත් වන අතර මුදල් අමාත්‍යවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට නියෝජිතයින් දෙදෙනෙකු බැගින් හතර දෙනෙකු පත් කිරීමට බලය පැවරුණා.