ගෝඨාභයගේ මිග් යානා ගණුදෙණුවේ මුල් පිටපත අතුරුදහන් වෙයි

ඩොලර් මිලියන 15 ක වටිනාකමකින් යුතු මිග් යානා ගනුදෙනුවට අදාල රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තබන ලද ගිවිසුමක මුල් පිටපත මේ වන විට අස්ථානගත වී ඇති බව අනාවරණය වී තිබේ.

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වූ නඩුව කැදවූ අවස්ථාවේ දී, නීතීඥ මෛත්‍රී ගුණරත්න, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ මෙම කරුණු අනාවරණය කර තිබේ.

මෙම නඩුවේ දී මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටින්නේ, මිග් යානා ගනුදෙනුවට අදාලව තැරැව්කරුවන් ලෙස කටයුතු කළ සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙක් වෙනුවෙනි.

ඩොලර් බිලියන 15 කට අදාල ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුමක මුල් පිටපත අස්ථානගත කළ පුද්ගලයන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොකර, ගනුදෙනුවේ දී තැරැව්කරුවන් ලෙස පමණක් කටයුතු කළ තම සේවා දායකයන් දෙදෙනාට සිතාසි නිකුත් කිරීම අසාධාරණ යැයි නීතීඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා ඩොලර් මිලියන 15 ක වටිනාකමකින් යුතු මිග් යානා හතරක් මිලදී ගැනීමට අදාල ගනුදෙනුව 2006 වසරේ දී සිදු විය.

මිග් යානා ගනුදෙනුවේ දී දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙන අතර, මෙම ගනුදෙනුව සදහා සෘජුව සම්බන්ධ වූ එවකට යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග අත් අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු ඇප මත මුදා හරින ලදී.

ඊට අමතරව, මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම පිටුපස තිබෙන්නේ, ඔහු මෙම ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුවට පිළිබදව කරන ලද හෙළිදරව්ව බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *