බුදුන්වහන්සේත් වනචාරි තමයි – මිහින්තලේ හිමි කියයි

තමන් වහන්සේලාට වර්තමාන ආණ්ඩුව විසින් ලබාදී ඇත්තේ ‘වනචාරී’ යන නාමය බවත්, බුදුරජාණන් වහන්සේටද ‘වනචාරී’ යන නාමයෙන් හැඳින්විය හැකි බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඊයේ (24) දිනට යෙදී ඇති සිරි සමන්තභද්‍ර හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් උමංදාව ආශ්‍රමයේ පැවැති දානමය පුණ්‍යකර්මයට සහ ආගමික උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

“ලාංකීය සංස්කෘතියේ ආරම්භය අරිට්ඨ මහ රහතන් වහන්සේගෙන් පැවත එන උතුමන් වහන්සේලා තමයි අපි. අපිට වර්තමාන ආණ්ඩුවෙන් දීලා තියෙනවා ‘වනචාරී’ කියලා නාමයක්. බුදුරජාණන් වහන්සේත්, බෝසතානන් වහන්සේත් වනචාරී තමයි. ඉපදීම කැලේ, බුදුවීම කැලේ, දම්සක් පැවතුම් සූත්‍රය කැලේ, පරිණිර්වානයත් කැලේ. උන්වහන්සේගේ ඒ තුන්වෙනි ධර්ම සංඝායනාවෙන් පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියේ මිහුන්තලේ කැලේට. අදත් කැලේ. කැලේ ඉදලා ඇවිල්ලා තමයි මහා කරුණාවෙන් මිනිස්සුන්ට පිහිට වෙන්නේ…

Source : News 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *