මිහිර පුවත්පත මුද්‍රණය නතර කරයි!
ලේක්හවුස් මුද්‍රණ ආයතනය විසින් නිකුත්කල මිහිර පුවත්පත සිය අවසාන කලාපය මේ වනවිට වෙළඳපොලට බෙදා අවසන්.
ඉදිරියේදී මිහිර e-paper එකක් ලෙසින් පාඨකයින් වෙත ලැබීමට සැලැස්වීම කළමණාකාරීත්වයේ තීරණයක් ලෙස නිළවශයෙන් දන්වා තිබේ.
අන්තර්ජාලය භාවිතයට පෙර කුතුහලයෙන් පිරි අපේ කුඩා කාලය සුන්දර කල තවත් එක් මතකයක් මේ සමඟින් අවසාන වනු ඇත.
