කිරිපිටි මිල පහළ නොදමන බව දැනුම් දෙයි

කිරිපිටි මිල  අඩුවෙන එක ගැන පසුගිය දවස්වල එක එක විදිහේ කතා පසුගිය දවස්වල දැකගන්න ලැබුණා.. 

සහන සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍යංශය විසින් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, සියලුම කිරි පිටි සන්නාමයන් විසින් 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිලගණන් අඩු කර ඇති බව, කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා..

ඒ අනුව දැනට ග්‍රෑම් 400 ඇසුරුමක උපරිම සිල්ලර මිල රු. 1,050/- ක් ලෙස ස්ථාපිත කර ඇති බවයි ඔවුන් පවසන්නේ..

2024 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරි පිටි මිල අඩුවන බවට පළ වූ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව කරුණාවෙන් සලකන ලෙස කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් තරමින් මේ බව කියා සිටියා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *