හෙට සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල වහාම පහළ දමයි

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවය.

එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *