කිරිපිටි මිලත් අඩු කරන්න ආණ්ඩුව සූදානම් වෙයි

ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

ඒ අනුව, කිරිපිටි සඳහාත් යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකියි යන්න පිළිබඳව තමන් බලාපොරොත්තු වන බවත්, මිල ගණනය කිරීම් සිදු කිරීමට මේ වන විට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත්, පාරිභෝගිකයාට අවශ්‍ය සහන ලබා දීම සඳහා අනයනයකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *