ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට සාපේක්ෂව, හෙට (ජනවාරි 16) සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය විසින් ආනයනික කිරිපිටි මිල අඩු කරන බවට කළ නිවේදනයට අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට ලබා දීමට පියවර ගෙන ඇත.