පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පවත්වාගෙන යනු ලබන මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර සිටියේ, රජයේ සේවයට බඳවා ගැනීම් සිදු කිරීමේදී පවතින නීතිමය රාමුවෙන් බැහැර විය නොහැකි බවයි.
රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීම් සිදු කළ හැක්කේ විධිමත් තරග විභාගයකින් සමත් වන අයට පමණක් බව ඔහු ප්‍රකාශ කළේය.
පවතින බඳවා ගැනීමේ පටිපාටි තනි පුද්ගල අවශ්‍යතාව මත හෝ “ඕන ඕන පලියට” වෙනස් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.