තමන්ට සිදු කළ අපහාසය නිසා යූටියුබ් ධර්මශ්‍රි කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද අධිකරණයේ නඩු පවරයි

ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට අපහාස වන පරිදි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් පසුගිය දා චෝදනා එල්ල කොට තිබුණා.

එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වෙත එන්තරවාසියක් යවා තිබුණ ද ධර්ම ශ්‍රී කාරියවසම් මහතා එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබුණා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව අද (09) කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *