මගී ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීමට ක්‍රියාත්මක ජංගම පරීක්ෂණ වැඩපිළිවෙළට බාධා කිරීමට හෝ විරෝධය පෑමට උත්සාහ කරන පිරිස් වෙත ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දැඩි පිළිතුරක් ලබා දී ඇත.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) හරහා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මත්ද්‍රව්‍ය පරීක්ෂණ නිසා බස් රථ ධාවනය කළ නොහැකි බව පවසන බස් හිමියන් සිටී නම් ඔවුන්ට වහාම සේවයෙන් ඉවත් වී නිවෙස්වලට වී සිටිය හැකි බවයි.