ආයෝජකයන් දැන් දේශපාලකයන්ට අල්ලස් දෙන්න ඕන නෑ – ඇමති විජිත හේරත්

වත්මන් ආණ්ඩුව යටතේ අල්ලස් වංචා දූෂණ සඳහා තිත තබා ඇති බැවින් මෙරට ආයෝජනය සඳහා විදෙස් ආයෝජකයන්ට හොඳ අවස්ථාවක් ලැබී ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

ගෝලීය ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවක් අමතමින් ඇමතිවරයා මේ බව කීය.

දැන් විදෙස් ආයෝජකයන්ට මෙරට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා දේශපාලනඥයන්ට මුදල් හෝ කොමිෂන් ගෙවිය යුතු නැති බව ද ජනතාවට සිය විදෙස් මුදල් ඒ සඳහා ආයෝජනය කළ හැකි බව ද විජිත හේරත් ප්‍රකාශ කරයි.

රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය වර්තමාන ආණ්ඩුව යටතේ වඩාත් තහවුරු වී ඇතැයි ද ඇමතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *