ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු 20ක් ඉන්ධන දීමනාව එපා කියයි

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම් දී ඇත.

අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මීට පෙර ඇමැති ධූරයන්හි ඉන්ධන දීමනාවට අමතරව මන්ත්‍රී ධූරයේ ඉන්ධන දීමනාවද ලබාගෙන තිබූ බව කියති.

තමන්ට අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බව වර්තමාන රජයේ එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම් දී ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරන පළමු අවස්ථාව මෙයයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු සිටින දුර අනුව ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් හිමි වේ. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට හතර හමාර දක්වා වටිනා ඉන්ධන දීමනාවක් හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ඉන්ධන දීමනාවකට හිමිකම් කියන්නේ උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *