පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් කාලයක් තිස්සේ විඳින වරප්‍රසාද සුදුසු පරිදි අඩු කිරීම, ඉවත් කිරීම හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් තුළ එක මතයක් අැති කර ගැනීමට සාකච්ඡා ආරම්භ කළ යුතු බවටත් අනතුරැව රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවටත් මෙම යෝජනාවේ සඳහන්වේ.