මන්ත්‍රී විශ්‍රාම වැටුප අද අහෝසි කරයි – පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (17 දා) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිදුකර සවස ඡන්ද විමසිම සිදුකෙරෙනු ඇත.

පනත් කෙටුම්පතට අනුව පනත සම්මත කිරීමෙන් අනතුරුව මෙතෙක් විශ්‍රාම වැටුප් ලැබූ මන්ත්‍රීවරුන්ට අදාළ විශ්‍රාම වැටුප අහිමි වන අතර දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වනු ඇත.

පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් සාමාන්‍ය බහුතරයකින් පනත සම්මත කළ හැකි බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව පසුගියදා කථානායක වෛi ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *