Clean Srilanka වැඩසටහනට සමගාමීව කතරගම ආදර්ශ නගර සංවර්ධන ව්‍යාපෘතියේ (KATARAGAMA MODEL CITY DEVELOPMENT) පළමු අදියර ඇරඹේ.
ඒ ඊයේ(13) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍යය ආර්.එම්.ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රුපියල් මිලියන 300 ප්රතිපාදනයක් මේ සඳහා වෙන්කර ඇත.
කතරගම ආදර්ශ නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස දෙටුගමුව පොදු උද්‍යාන භූමිය සංවර්ධනය (පළමු අදියර ), දෙටුගමුව වැව අසල රථගාල සංවර්ධනය, ගම් උදා ව හන්දිය-ඔරලෝසු කණුව භූ දර්ශනය, කතරගම බස් නැවතුම්පොළ ඉදිරිපිට වීදි මුහුණත් සංවර්ධනය කිරීම හා භූදර්ශනය කිරීම, කතරගම වලේ පාක් ප්‍රදේශයේ (පිවිසුම් චතුරස්‍ර රථගාල )ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කිරිම, කතරගම ආප්ප කඩ ප්‍රදේශයේ සනීපාරක්ෂක පහුසුකම් සහිත රථ ගාල සංවර්ධනය කිරීම (පළමු අදියර ලෙස ජලප්‍රවාහන සංවර්ධනය)සිදු කිරීමට නියමිතය.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශ්‍රී අභිනවාරාමය ඇතුළු ත්‍රිවිධ විහාරයන්හි විහාරාධිපති ශ්රාස්ත්රපති පූජ්‍යපාද කපුගම සරණතිස්ස නාහිමිපාණන් ,මල්ලිකාරාම විහාරාධිපති ඥාණමෝලි නාහිමිපාණන් වහන්සේ,අන්‍යාගමික පූජකතුමන්ලා, මොණරගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා ,කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති ඇතුලු මන්ත්‍රීවරු , නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රණතුංග මහතා ඇතුළු කාර්යමණ්ඩලය ,කතරගම ප්‍රාදේශීය ලේකම්, කතරගම වෛද්‍ය නිලධාරීවරිය,කතරගම පොලිස් ස්ථානාධිපති ඇතුලු සම්භාවනීය අමුත්තන්, ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.


