නැති වූ සල්ලි මල්ලයි ලැප්ටොප් එකයි යළි හිමිකරුටම දුන් උතුම් මිනිස්සු

සොරකම්, අපරාධ වැඩි වශයෙන් අසන්නට ලැබෙන මෙවන් කාල වකවනුවක් තුළ සුවිශේෂී වූ පුවතක් අපට අසන්නට ලැබෙන්නේ අනුරාධපුර ඩිපෝවෙනි.

මෙලෙස වාර්තා වී ඇත්තේ ලංගම බස් රථයක මගියෙකුට අමතක වී ගිය බෑගයක් ඒ තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද සමග සුරැකිව ඔහු වෙත යළි ලබාදීමේ සිදුවීමකි.

දඹුල්ල සිට අකුරණ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ මගියෙකුට බෑගයක් අමතකවී ගිය බැස ගොස් තිබුණි.

ඒ බෑගය තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද තිබී ඇත.

පසුව එම මුදල සහ ලැප්ටොප් පරිගණකය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතරුව යළි ඔහුට භාරදීමට බස් රථයේ රියදුරු සහ සහායකයා කටයුතු කර තිබුණි.

6 Iri News
7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *