දිවයිනේ නන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ලබන 20 වැනිදා සිකුරාදා කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී මහා සංඝ සමුළුවක් පැවැත්වේ. මේ සඳහා දිවයිනේ නන් දෙසින් භික්ෂුන් වහන්සේ වැඩම කෙරෙන බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණෝ පැවැසූහ.
භික්ෂුන් වහන්සේලාට අන් කවරදාකවත් නොවුණු පරිදි කෙරෙන අපවාද, පරිභව වහා නැවැත්විය යුතු බවට බලකිරීම වගේම මහා සංඝරත්නයේ අභිමානය පෙන්වීම මෙම සංඝ සමුළුවේ අරමුණ වී ඇත.