අද වඳුරු රිලා උවදුර මේ රටේ ත්‍රස්තවාදයක් බවට පත්වෙලා. මේ ත්‍රස්තවාදය මැඩලීමට රජයට තවම ස්ථිරසාර නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති නිසා ඒ සඳහා දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක කළ හැකි උගුලක් වරකාපොළ මැණික්කඩවර ප්‍රදේශයේ අයෙක් නව නිර්මාණයක් ලෙස සකස් කර තිබේ.
මෙම නව නිර්මාණය සකසා ඇත්තේ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුලත්වතුකන්ද-මැණික්කඩවර-තුංතොට ලිපිනයේ පදිංචිකරුවෙකු වන එන්.ඩී. උපුල් කුමාර මහතාය.
මොහුගේ නව නිර්මාණය පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ මෙම රිලා උගුල මගින් එකවර රිලවුන් විශාල ප්‍රමාණයක් කොටුනර ගත හැකි බවයි. මේක නිර්මාණය කළේ මාස ගණනාවක් තිස්සේ රිලව් සමග ගැවසෙමින් ඔවුන් නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. මේ කූඩුවෙ විශේෂත්වය මේක ලෝකෙ ඕනම තැනක සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනව. මේකට කැමරාවක් ස්ථාපනය කරල තිබෙනව. ස්මාට් ස්වීච් එකක් භාවිතා කරල තියෙනව ජංගම දුරකතන යෙදුමක් හරහා. ඒ යෙදුම තුළින් රිලවෙක් උගුලට පැමිණි පසු කැමරාවේ ෆොටෝ එකකින් සම්බන්ධ කරනව. කූඩුවෙන් සිග්නල් එකක් එනව රිලව් ඉන්නව නම්. ෆොටෝ එකක් වැදිල ෆෝන් එකට. එවිට පුළුවන් වෙනව වීඩියෝ එක ඒ දෙසට සම්බන්ධ කර රිලව් එහි ඉන්නව නම් ස්මාට් ස්වීච් එක මගින් දුරකතනයෙන් කූඩුව තුළට රිලව් ටික ගාල්කරන්න.
ඇත්තටම මේක කූඩුවක් නෙවෙයි උගුලක්. කෙටි කාලයක් තුළ රිලව් වැඩි ප්‍රමාණයක් කොටුකර ගැනීමේ හැකියාව පවතිනව. මේක ඕනෑම කැලයක ස්ථාපිත කරන්න පුළුවනි. විදුලිය අවශ්‍යයි. කැලයක තියනව නම් සෝලා පැනල් එකක් උපයෝගි කරගන්න පුළුවනි. මෙම නව නිර්මාණය පළමු සාම්පලය ඉතාම සාර්ථකව නිපදවලා තියෙනව. මේ සඳහා රුපියල් 30,000/- පමණ මුදලක් වැයවෙලා තිබෙනව. රිලව් ටික අල්ලන්න රජය යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර දෙනව නම් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රිලව් ටික කූඩුකර දෙන්න තමා සූදානම් බවත්, එම අභියෝගය භාරගැනීමට සූදානම් බවත් නව නිර්මාණකරු වන උපුල් කුමාර මහතා පැවසීය.