මේ වන විට රිලවුන් අල්ලන වැඩපිළිවෙළක් පටන්ගෙන ඇති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
එසේ අල්ලන රිලවුන් ගෙන ගොස් දැමීමට දූපතක් ද සොයාගෙන ඇතැයි ඔහු කියා සිටී.
දැනටම මෙම පර්යේෂණ වැඩපිළිවෙළ පටන්ගෙන ඇති බවත් එය සම්පූර්ණයෙන්ම භාරදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ මහතාට බවත් ඔහු පැවසුවේය.
මහනුවර ප්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.