මොරගහකන්දේ ගොවීන් මිරිස් වගා කර මාසෙට ලක්ෂ 09ක් හොයයි

අක්කරයෙන් හතරෙන් එකක භූමි ප්‍රදේශයක මිරිස් වගා කිරීමෙන් රුපියල් ලක්ෂ  09ක පමණ  ආදායමක් ඉපැයීමට මොරගහකන්ද වැල්ලේවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සමත් වුණා.

සුහුරු ක්‍රමයට මෙම මිරිස් වගාව සිදු කර තිබෙනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙසටයි ක්‍රියාත්මක කෙරුනේ.

ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රදේශවල ගොවීන් දැනුවත් කිරීමට කටයුතු කෙරුණා.

ඒ අනුව වැල්ලේවෙල කොට්ඨාසයේ මාඔය, කජුවත්ත ආදී ගම්මානවල ගොවීන් දැනුවත් කිරීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන්.

අක්කරයෙන් හතරෙන් එකක භූමියක වගා කළ මෙම මිරිස්වලින් අවස්ථා 05 කදී අස්වනු නෙලීමෙන් පමණක් එක් ගොවියෙකු රුපියල් ලක්ෂ 09 ක ආදායමක් උපයා තිබෙනවා.

මේ අතර අබේපුස්ස රජයේ ගොවිපොල මගින් බීජ වී නිෂ්පාදනය පළමුවරට ආරම්භ කළ අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.

මෙරට බිත්තර වී  නිෂ්පාදන ගොවිපොල 10 ක් මෙතෙක් පැවති අතර අබේපුස්ස ගොවිපොල 11 වැන්නයි.

අක්කර 10 ක පමණ මෙහි වී වගා කර තිබෙනවා.

කැබතිගොල්ලෑව, පදවිය, මුලතිව් සහ වැලි ඔය යන ප්‍රදේශවල ගොවිජනතාවට ගුණාත්මක බීජ වී ප්‍රභේද ලබාදීම සදහා ආදර්ශමත් ගොවිපොලක් මහවැලි එල් කලාපයේ පවත්වාගෙන යනවා.

ස්ථීර ජල සම්පාදන ක්‍රමවේදයක් නොමැති නිසා වැසි ජලය මෙන්ම සූර්ය බලශක්තිය යොදා ගනිමින් භූගත ජලයෙන් වගා කටයුතු සිදු කිරීම මෙහි විශේෂත්වයක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *