පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සිය විරෝධය පළ කර සිටියි. ඔහු අවධාරණය කරන්නේ මන්ත්‍රීවරුන් දේශපාලනයට පිවිසෙන්නේ වෙනත් රැකියාවන් අත්හැර බවත්, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම විශ්‍රාම වැටුප අත්‍යවශ්‍ය බවත්ය.