අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනා විශ්වාසභංගය ඉදිරිපත් නොකළේ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන මොහොතේ ජනාධිපතිවරයා විසින් ම එම ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමීම හේතුකොටගෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබූර් රහුමාන් ‘මව්බිම’ කළ විමසීමකදී පැවසීය.
කෙසේ නමුත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව රටේ ප්‍රශ්නයක් මතු කළහොත් විශ්වාසභංග යෝජනාව නැවත අනිවාර්යයෙන් ම ගෙන එන බව ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරිය ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැම්මේ එහි පවතින ගැටලුසහගත තත්ත්වය නිසා බව ත් එසේ ජනාධිපතිවරයා විසින් ම මෙය රිවස් කිරීම තුළින් විපක්ෂය නැවත විශ්වාසභංගයක් ගෙන ඒම කාලය කා දැමීමක් බව ත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ය.
විශේෂයෙන් ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නමැති “මංගල්‍යයට” වැඩිහිටියන් විරුද්ධ බව ප්‍රසිද්ධියේ ම පෙන්වා තිබියදී විශ්වාසභංගයක් ගෙන කාලය විනාශ කර දැමීම නිෂ්ඵල ක්‍රියාවක් බව ඔහු නැවත පෙන්වා දුන්නේ ය.
කෙසේ වුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව රටේ ආගමික නායකයන්ගේ සිට පහළ මට්ටමට විරෝධය පළ වූ අතර නැවත එවැනි සමාජ විරෝධී ක්‍රියාවක් ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරිය හෝ අදාළ පාර්ශ්ව කටයුතු කළහොත් නිසැකව ම විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.