මම ඔබ වුණානම් මුම්බායිවල දේපල විකුණා ලංකාවේ ජිවත් වෙනවා – ඒක ලාභදායකයි – ඇමති හරීන්

ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බාහි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි වන බවත් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඉන්දියාවේදී පැවති සමුළුවක්  අමතමිනි.

‘ඉන්දියානු සමාගම් දැන් අපේ ගුවන්තොටුපල භාර ගන්නවා. ඔවුන් අපේ ගුවන්තොටුපළ තුනක් කළමනාකරණය කරනවා. මේ තීරණය අපිට උපකාර වන්නක.

අපේ තෙල් ටැංකිත් ඉන්දීය සමාගම් බාරගෙන තිබෙනවා. අපට සූර්ය බල ශක්තියත් ලබා දෙන්නේ ඉන්දියානු සමාගම්.

මෙය මා හිතන විදිහට ඉන්දියානු විදේශ කටයුතු ඇමතිවරයා ලංකාවේ සංචාරය කරන්නයි පැවසීමට එක් හේතුවක් වන්නට ඇති. මොකද ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවේ කොටසක්.

ඇත්ත වශයෙන්ම ලංකාවේ අවස්ථා බොහොමයක් තිබෙනවා. මම ඔබ වූවානම් මුම්බාහි දේපළ විකුණා ලංකාවේ පදිංචි වෙනවා. මෙහි ජීවත්වීම ඉතා ලාභදායකයි’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *