ෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින්, CBL සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සන්නාමය වන Munchee ආයතනය සුවිශේෂී වැඩසටහනක් දියත් කර තිබේ.
අද දින (අප්‍රේල් 12) කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන 25,000කට ආසන්න මගීන් පිරිසක් වෙනුවෙන් ගමන් වාර 85ම ආවරණය වන පරිදි සියලුම දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට Munchee ආයතනය කටයුතු කර ඇත.
“හදින් හද රසයෙන් ලං කරන අවුරුද්දේ සුභ රසය” යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ විශේෂිතම අංගය වන්නේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන විශේෂ “මන්චී අවුරුදු දුම්රියයි”.එම දුම්රිය අද උදෑසන අතිවිශාල පිරිසක් සමගින් ගමන් ආරම්භ කිරීමද සිදු විය.
මෙම දුම්රිය ගමන පුරාවට මගීන්ට විවිධ අවුරුදු ක්‍රීඩා සහ විනෝදාත්මක අංග,රසවත් සංග්‍රහයන්,විශේෂ තෑගි බෝග රැසක් හිමි වේ.
පවතින ආර්ථික සහ ගෝලීය වාතාවරණය හමුවේ ගමනාගමන වියදම් ඉහළ ගොස් ඇති පසුබිමක, මෙලෙස නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දීම ජනතාවට විශාල සහනයක් වී ඇත. දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාදීමට අමතරව, කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් වෙනුවෙන් විවිධ අවුරුදු සංග්‍රහයන් පිරිනැමීමටද Munchee කණ්ඩායම සූදානමින් සිටී.
පවුලේ සැමගෙම මුවඟට සිනහවක් ගෙනෙන, රසයෙන් සහ සතුටෙන් පිරි මෙවන් අපූර්ව අවුරුදු සැමරුමකට එක්වෙන්න අදම කොටුවට එන්නැයි Munchee ආයතනය සියලුම මගී ජනතාවට ආදරයෙන් ආරාධනා කර සිටියි.
ශ්‍රී ලාංකිකයන්ගේ සහෝදරත්වය සහ අවුරුදු සතුට බෙදාහදා ගැනීම උදෙසා Munchee ගත් මෙම පියවර මේ වන විටත් මගී ජනතාවගේ ඉහළ ඇගයීමට ලක්වෙමින් පවතී.