තඹුත්තේගමදී 100ට බැස්ස මුරුංගා නාරාහේන්පිටදී 1000ට වැඩි වෙයි

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 100 ක් දක්වා ඊයේ (18 වැනිදා) දිනයේදී පහත වැටී තිබුණද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක් සිල්ලරට අලෙවි කෙරුණේ රුපියල් 1,000 කටය.

ඉකුත් මාර්තු මාසයේ මුලදී මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 ක් දක්වා ඉහළ ගියද ඊයේ (18 වැනිදා) දිනයේදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක් රුපියල් 150 ත් 250 ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරුණි.

වියළි කලාපය ආශ්‍රිතව මේ දිනවල මුරුංගා සරුවට වැඩී තිබීමත් ඒවා වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ලැබීමත් හේතුවෙන් මුරුංගා මිල ගණන් විශාල වශයෙන් පහත වැටී තිබේ.

පෙරේදා (17 වැනිදා) දිනට සාපේක්ෂව ඊයේ (18 වැනිදා) දිනයේදී එළවළු වර්ග රැසක මිල ගණන් පහත වැටී තිබිණි.

බෝංචි කිලෝවක තොග මිල රුපියල් 90 ක් දක්වාද නෝකෝල් කිලෝවක තොග මිල රුපියල් 80 ක් දක්වාද නුවරඑළිය රාබු කිලෝවක මිල රුපියල් 50 ක් දක්වාද කැකිරි කිලෝවක තොග මිල රුපියල් 15 ක් දක්වාද අඩුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *