තම ඡායාරූපය යොදා ගනිමින් ඕනෑම අයකුට මැතිවරණ ප්රචාරක කටයුතු කිරිම සඳහා කිසිඳු බාධාවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු බහුතරයක් පසුගිය කාලයේ මැතිවරණ කටයුතු සඳහා තම ඡායාරූපය යොදාගත් බව සිහිපත් කරන ඒ මහතා ඉදිරියට ද තම ඡායාරූපය යොදාගන්නේ නම් ඒ සඳහා කිසිඳු තහනමක් නොමැති බව ද පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යන නමුත් අවශ්‍ය අවස්ථා වලදී ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කරන බව සඳහන් කළ ඒ මහතා, මේ වන විට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පක්ෂය තීන්දු කරන තිබෙන බව ද පෙන්වා දුන්නේය.
තම පක්ෂයට අවශ්‍ය වන්නේ ජයග්‍රහණය බව පෙන්වාදුන් ඒ මහතා, මේ වන විට පක්ෂය ගෙන තිබෙන තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද ඒ පිළිබඳ පක්ෂය යම්කිසි වෙනසක් කරන්නේ නම් තමා ඊට එකඟ වන බව ද පැවැසීය.