වෛද්‍යවරු සදහා යුරෝපීය රටවල හොද වැටුප් ලැබෙන බව කියමින්, මේ අසීරු අවස්ථාවේ, වැටුප් වැඩි නොකලොත් රට හැර යන බවට තර්ජනය කරන වෛද්‍යවරු, අවස්ථාවක් ලැබෙන්නේ නම්, කොහොමත් රට අත හැර යන අය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
තමන් ඉතා අත්‍යවශ්‍ය පුද්ගලයෙකු යැයි සිතා තමන්ගේ ඉල්ලීම් කේවල් නොකරන ලෙස පවසන අමාත්‍යවරයා, ඔහු කොතරම් වැදගත් පුද්ගලයෙකු වුවද, ඔහු නැති වුනා කියා ලෝකය නොනවතින බව ද සිහිපත් කරයි.
නිදහස් අධ්‍යාපනයෙන් උගෙන යම් තැනකට පත්ව සිටින්නේ නම්, පෙරළා රටට සේවය කිරීම අප සියල්ලන්ගේම වගකීමක් බද අමාත්‍යවරයා පවසයි.