තෙවරප්පෙරුම දුක්වුනේ මා පාර්ලිමේන්තු නොයාම ගැනයි – ජවිපෙ නලින්ද ජයතිස්ස කියයි

තමන් පාර්ලිමේන්තු නොයාමට වඩා තමන්ට දුක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු නොයාම බව පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලිත තෙවරප්පෙරැණ මහතා සහ තමන් පරාජය වූ පසු තෙවරප්පෙරුම මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ බවද ඒ මහතා සදහන් කලේය.

තමන්ගේ පක්ෂය කෙනෙක්වත් එහෙම එවන් ප්‍රකාශයක් කියාවි යයි හිතන්න අමාරු වුවද පාලිත තෙවරප්පෙරුම මහතා එවන් ප්‍රකාශයක් කළ බවත් හෙතෙම කියා පැවසීය.

තමන් විරුද්ධ පක්ෂයක දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක ගුණ කථනයක් කරන ලද පළමු අවස්ථාව මේ බවත් ඒ මහතා කියා සිටියේය.

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *