නාමල් – ලිමිනි බුද්ධගයාවේ වැද පුදා ගනියි

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයා සංචාරයක නිරත විය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා  බුද්ධගයාවේ මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනගාරික ධර්මපාල තුමන් 1891 වසරේ ආරම්භ කරන ලද ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙත ද නාමල් රාජපක්ෂ මහතා ගියේ ය. 

එහි දී බුද්ධගයා මධ්‍යස්ථානයේ කටකඳුරේ ජිනානන්ද, මුල්දෙනියවල සුසීල හිමිවරුන් මුණ ගැසී ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට ලිමිනි රාජපක්ෂ මහත්මියද සහභාගී විය.

image 716ef4d16f Iri News
image 057e80f3f3 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *