සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන පක්ෂවල මහලේකම්වරු අතර හමුවක් අද පස්වරුවේ තලවතු-ගොඩ මොනාච් ඉම්පීරියල් හී දී සිදුව තිබේ.
මෙම හමුව සදහා පක්ෂ දෙකේ මහලේකම්වරුන්ට අමතරව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දුත් සමගි ජන බලවේගය නියෝජනය කරමින් අජිත් පී පෙරේරාත් සහභාගී වී තිබුණි.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සදහා සමගි බලවේගයට සහාය වනවාදැයි ඇසූ විට සාගර කාරියවසම් පවසා සිටියේ, කොළඹ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බැවින් තම පක්ෂය එම ජනතාවගේ මතයට ගරු කරන බවයි. ඒ අනුව, කිසිසේත්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ආණ්ඩුවට සහාය දීමක් සිද්ධ නොවන ඔහු පැවසී ය.
එමෙන් ම, එකතු වීමකට නොගොස්, කොළඹ බලය පිහිටුවීමට අවශ්‍ය සහාය විපක්ෂයට ලබා දීමට සූදානම් බව ද ඔහු අවධාරණය කළේ ය.