ශිරන්ති රාජපක්ෂ සහ නාමල් 3 වැනිදා CIDයට යළි කැදවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන 3 වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තාවේ

ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවා ඇත්තේ සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ගැනීමට යැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇයට මීට පෙර දිනයක පැමිණෙන ලෙස දැනුම්දී තිබුණත් එදිනට පැමිණිය නොහැකි බව පවසා අැය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබිණ. ලබන 3 වැනිදා දිනය ලබාදී ඇත්තේ ඒ අනුවය.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට එදිනම උදේ 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඔහුට එරෙහි පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *