නාමල් සමග හිතවත්කමක් ඇති බවට චෝදනා හේතුවෙන් ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවෙන් තමන් ඉවත්වන බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දැනුම් දෙයි. 

විනිසුරුවරයා මෙසේ එම නඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ, ඔහු සම්බන්ධයෙන්, පෝද්දල ජයන්ත සහ සනත් බාලසූරිය යන අය විසින් තබා ඇති ෆේස් බුක් සටහනක් හේතුවෙනි. 

එම ෆේස්බුක් සටහනින් කියවෙන්නේ, විනිසුරු මංජුල තිලකරත්න මහතා හා නාමල් රාජපක්ෂ අතර හිතවත්කමක් ඇති බවයි. 

එය අභූත චෝදනාවක් බව පැවසූ මංජුල තිලකරත්න විනිසුරුවරයා එම ෆේස්බුක් සටහන පිළිබදව වාර්තාවක් ද කැදවා තිබුණි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *