නාමල් නීතීඥයෙක් ද..? විමර්ශන අරඹන ලෙස අධිකරණය නියෝග කරයි

නාමල් රාජපක්ෂ, ඔහුගේ නීති උපාධිය ලබාගෙන ඇත්තේ වංචනිකවද යන්න පිළිබදව සොයා බලන ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළේ ය. 

අල්ලසට හා දූෂණයට එරෙහි පුරවැසි බලය නමැති සංවිධානය විසින්, නාමල් රාජපක්ෂ මහතාගේ නීතීඥ භාවය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. 

එම සංවිධානය අදාල පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණෙු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 16 හෝ ඊට ආසන්න දිනයක දී ය. 

ඒ අනුව ඒ පිළිබදව විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *