නාමල් රාජපක්ෂගේ මාසික වැටුප සහ දීමනා විපතට පත් දරුවන්ගේ ආදරය අරමුදලට පරිත්‍යාග කරයි

ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ආරම්භ කරන ලද “ආදරය” වැඩසටහනට සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට මන්ත්‍රී නාමල් රාජපක්ෂ තීරණයකර තිබේ.
විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් පැන් පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීම වෙනුවෙන් “ආදරය” වැඩසටහන
ආරම්භ කළේ පසුගිය සතියේය.

ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *