නාමල්ගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි CIDයට උපදෙස් – වැඩබලන පොලිස්පති

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතා නීතී විභාගය සමත්වීම ගැටලු සහගත බව සදහන් කරමින් පැමිණිලි කිහිපයක් තමාට ලැබී ඇති බවයි.

නීතී විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශයක් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවද වැඩ බලන පොලිස්පතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *