මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
“පාර්ලිමේන්තුව ඇතුළේ අසීමිත විදියට බොරු කියනවා. මොකද ඒ වරප්‍රසාදයක් දීලා තියෙන නිසා. ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි. ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු කරනවා. අපි බලමු පාර්ලිමේන්තුවේ බොරු කියනවා ට 225න් කී දෙනෙක් විරුද්ධ ද කියලා. අපි ඇත්ත කතා කරනවා නම් අපිට ඒ අයිතිය ඕනේ නෑනේ. මට ඕනේ නෑ. මම පාර්ලිමේන්තුවේ දීවත් එළියේවත් මම නොකරපු දෙයක් කියන්නෙත් නෑ, කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ සහ තව කෙනෙක්ගේ චරිතය මම ඝාතනය කරන්නෙත් නෑ. ජනතාව මුලා කරන අය මේකට විරුද්ධ වෙයි”යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.