ලක්ෂ 700ක ක්‍රිෂ් ගණුදෙනුව – නාමල්ට එරෙහිව අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අදාලව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව යළි විමර්ශනයක් අරඹා ඇති බව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 

ඒ ඊට අදාල නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැදවූ අවස්ථාවේ දී ය. 

අදාල මුදල නාමල් රාජපක්ෂ මහතා ක්‍රිෂ් සමාගමෙන් ලබාගෙන තිබුණේ 2013 වසරේ දී ය. 

ඒ රග්බී තරගාවලියක් පැවැත්වීම සදහා එම මුදල් යොදා ගන්නා බව පවසමිනි. 

එසේ ලබා ගන්නා ලද මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් එෆ්.සී.අයි.ඩී ආයතනය 2016 වසරේ දී නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගත් අතර, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මත මුදා හැරියේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *