විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් සහ භෝජන සංග්‍රහයක් ඊයේ(02) රාත්‍රියේදී කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණා.
මේ අවස්ථාවට Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමද කැපී පෙනුනා.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ කැඳවීමකට අනුව මේ අවස්ථාවට දේශපාලන පක්ෂ 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නායකයින් සහභාගී වී සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කර සිටියා.
ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹදී මහජන රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් හුවමාරු කර ගැණුනා.
ඊට අමතරව විපක්ෂයක් ලෙස ඒකාබද්ධව ඉදිරියේදී ගනු ලබන ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පක්ෂ නායකයින්ගේ අදහස් පළවුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ඉදිරිපත් වූ යෝජනා සියල්ලකටම පාහේ එකඟත්වය පළකර අතර මෙම හමුව අතිශය ප්‍රයෝජනවත් සහ වැදගත් එකක් වූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.