පොරොන්දු ඉටු නොකර, අත්තනෝමතික පාලනයකට රට ගෙන යෑමට එරෙහිව ජනතාව 21 එකතු වෙනවා – නාමල්

ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමකින් තොරව, අත්තනෝමතික පාලනයකට රට රැගෙන යෑම නිසා ජනතාව අපහසුතාවට පත්වීමට එරෙහිව, ජනතාව 21 වැනිදා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

විපක්ෂය තුළ විවිධ දේශපාලන පක්ෂ ඇති බවද, ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ ඇති මතවාදවලට ගරු කරන බවද අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළෘ.

තමන්ට ඉදිරිපත් කරන බොරු චෝදනාවලට බිය වන්නේ නම්, සිය පියාණන් බිය වන්නේ 88/89 කාලයේදී බවත්, වත්මන් ආණ්ඩුව යහපාලන ආණ්ඩුවේ සිටි කාලයේ එම ‘දෙගොල්ලන්ම එක් වී’ තමන්ට විරුද්ධව බොරු චෝදනා සිදු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *