අරගලවලින් තොර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හරහා ආණ්ඩු පෙරළි ඇති කිරීමට රටේ ජනතාව ඉදිරියේදී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
අරගලවලින් තොර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හරහා ආණ්ඩු පෙරළි ඇති කිරීමට රටේ ජනතාව ඉදිරියේදී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
2022 වසරේ මැයි මස නවවැනිදා සිදුවූ අරගලය අතරතුරදී, ම්ලෙච්ඡ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් බෝධිපූජා පිංකමක්, අද පෙරවරුවේ පැවැත්වුණේ නාරාහේන්පිට, අභයාරාම විහාරස්ථානයේදීයී.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.මේ අතර, අරගල සමයේ විනාශ කරන ලද බස් රථ සඳහා මේ වන තුරුත් කිසිදු වන්දි මුදලක් මෙතෙක් ලැබී නොමැති බවටයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කරන්නේ.