ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන්, කොළඹ මහාධිකරණය අද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කළේ ය. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත යි.
තමන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීම, රාජපක්ෂ පවුලට එහෙිව දියත් කර තිබෙන දේශපාලන දඩයමක් බව නාමල් රාජපක්ෂ පවසයි.
කෙසේ වෙතත්, අධිකරණය පිළිබදව දැඩිව විශ්වාසය තබන බව පවසන නාමල් රාජපක්ෂ මහතා, රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආණ්ඩුවේ අසාර්ථකත්වය සැගවිය නොහැකි බවද අවධාරණය කරයි