තමන්ට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාමාර්ග බොහොමයක් වත්මන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලසීමාවන් තුළ ඇති වූ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගියදා පැවැති ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, තමන් ඇතුළු පිරිසට එරෙහිව නඩු පවරා දේශපාලනිකව දඩයම් කිරීමට උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහ මහතා වුවද, රටේ පැවැති අස්ථාවර තත්ත්වය හමුවේ ඔහු ජනාධිපති කරවීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කළ බවයි.